සභානායක දිනේෂ් පොහොට්ටුවෙන් යයි….? මෛත්‍රී සමඟ නව සන්ධානයක්…!

September 18, 2021 at 6:51 pm | by emanisa.lk

ආණ්ඩුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු මෛත්‍රීපාල සිරිසේන කැඳ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමක් සඳහා සහභාගී වීම නිසා ආණ්ඩුව තුළ යම් අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඇමැති දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ නායකයා වන අතර එය ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂයකි. එවැනි පසුබිමක ඔහු නැවත එක්සත් ජනතා නිදහස් සන්ධාන හමුවක් සඳහා එකතු වීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ.

බුලත් කොලය යළි පණ ගන්වා එක්සත් ජනතා නිදහස් සන්ධානය නව මුහුණුවරකින් ගොඩනැඟිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි දී පවසා ඇත.

දිනේෂ් ගුණවර්ධන මෙම හමුව අමතමින් පවසා ඇත්තේ මෙයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහා ද මෙම සන්ධානය සඳහා ආරාධනා කළ යුතු බව ය.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම හමුව පැවැති අතර දිනේෂ් ගුණවර්ධන ආණ්ඩුවේ සුළු පක්ෂ 10 සන්ධානය සඳහා පවා සහභාගී නොවූ නායකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *