සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගමට සජිත් සංගා මුල්ගල තබයි!

April 20, 2019 at 7:58 am | by admin

‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවන 2,126 උදා ගම්මානය වන “සදා ලෝක පූජිත කුමාර සංගක්කාරගම” සඳහා මුල්ගල තැබීම ඊයේ (19) සිදුවිය. මේ අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කුමාර සංගක්කාර ද සහභාගී වූහ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කැන්දගස්මංකඩ ප්‍රදේශයේ නිවාස 25කින් සමන්විත මෙම ගම්මානය ඉදිකෙරේ. එක් පවුලක් සඳහා රු. ලක්ෂ 7කට අධික ආධාර මුදලක් මෙම නිවාසයක් ඉදිකිරීම සඳහා ලබාදෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට එජාප අපේක්ෂකයා බවට රාවයක් පැතිර යන කුමාර සංගක්කාර වෙනුවෙන් මෙම ගම්මානය නම් කිරීම විශේෂත්වයක් වන අතර ගමේ නම සමාජජාලාවල බොහෝ දෙනාගේ උත්ප්‍රාසයට හේතු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස