සතොසින් ජනතාවට සතුට…! භාණ්ඩ පහක මිල පහතට…!

September 23, 2022 at 9:47 pm | by emanisa.lk

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම මිල අඩු කිරීම මේ මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ලංකා සතොස පවසයි.

රුපියල් 175 ක්ව පැවැති ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 25 කින් ද, රුපියල් 285 ක්ව පැවැති සුදු සීනි කිලෝවක් රුපියල් 7 කින් ද, රුපියල් 429 ක්ව පැවැති රතු පරිප්පු කිලෝවක් රුපියල් 14 කින් ද, අඩු කළ බව සතොස සඳහන් කරයි.

රුපියල් 185 ක්ව පැවැති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින් සහ රුපියල් 194 ක්ව පැවැති ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 9 කින් ද, අඩුකර තිබේ.

ඒ අනුව ලංකා සතොස ආනයනික ලොකු ලූණු කිලෝවක් රුපියල් 150 කට,  සුදු සීනි කිලෝවක් රුපියල් 278 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 415 කට, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 කට සහ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 185 කට මිල දී ගතහැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *