ආයේ නම් බඩු මිල පාලනය කරන්න යන්නේ නෑ…! – රමේෂ්…

October 26, 2021 at 1:27 pm | by emanisa.lk

පසුගිය කාල සීමාවේ දී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී විවෘත වෙළඳපොළ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට රජය කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *