සජිත් ප්‍රේමදාස මෙන් විපක්ෂයේ සිට ජනතා සේවය කරන විපක්ෂ නායකයෙකු තමන් දැක නැතැයි ද තමන් එය අගය කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායිකව විපක්ෂ නායකයින් කළේ පවතින ආණ්ඩුව විවේචනය කරමින් පෙළපාළි විරෝධතාවලට රිංගමින් ආණ්ඩු විරෝධය දැඩි කිරීම බවයි.
එහෙත් සජිත් ප්‍රේමදාස පාසල් දරුවන් රෝහල් දියුණු කිරීම සඳහා විශාල සංවර්ධන ව්‍යාපෘති දියත් කරන බව ද දයාසිරි සඳහන් කරයි.
එපමණක් නොව සජිත් ප්‍රේමදාස හොරෙක් නොවන බවත් කිසිදු වංචා දූෂණ චෝදනාවක් ඔහුට නොමැති බවත් දයාසිරි ජයසේකර වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
ඒ හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.