ඇමැති සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය නොලැබුණොත් බිහි කිරීමට යෝජිත සන්ධානයට එකතු වීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහහත් දෙනකු ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු විසිදෙනාගෙන් තිදෙනකු පමණක් ඊට කැමැත්ත ඇත.
කෙසේ වෙතත් පළ කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක පැවසීය. එහි දී වෙනත් බලවේග සමග සාකච්ඡා කරන බව ද ඔහු අවධාරණය කර සිටියේය.