සජිත් පැරදුණත් පෑඩ් සටන අත නාරී…! රටට ම පෑඩ් බෙදන්න සූදානම්….!

April 10, 2021 at 5:37 pm | by emanisa.lk

රටේ පාසල් දැරියන්ට සහ කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

“ආර්තව දරිද්‍රතාව කියන මාතෘකාව ජන සමාජයේ සාකච්ඡාවට භාජනය නොවුණු මාතෘකාවක්. එදා ජනාධිපතිවරණයේදී අපි පොරොන්දුවක් දුන්නා.

මුළු රටේ ම මෙම මෙවලම්, ආම්පන්න නොමිලේ ලබාදෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා ආර්තව දරිද්‍රතාවට ශක්තිමත් ප්‍රායෝගික විසඳුමක් ලබාදිය යුතුයි.

එදා අපිට විරුද්ධ වූ අය අපි කිව්ව දේවල් අඩු ම තරමින් වාචිකව හරි අද පිළිඅරන් තියෙනවා. තාමත් ඒ අයට ශක්තියක් ලැබිලා නෑ මේක ක්‍රියාත්මක කරන්න.

නමුත් සමගි වනිතා බලවේගය හරහා අනාගතයේදී සනීපාරක්ෂක කට්ටල අපේ රටේ පාසල් දැරියන්ට, කාන්තාවන්ට නොමිලේ ලබාදීලා ජාතික වැඩසටහනක් බවට පත්කිරීම අපි භාර ගන්නවා.”

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (09) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සිරස රූපවාහිනි හිමිකරු කිලී මහාරාජා ලංකාවේ සනීපාරක්ෂක තුවා ව්‍යාපාරයෙහි ප්‍රමුඛතමයෙකු බව ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *