මේ රටේ සිංහල, දමිළ. මුස්ලිම්, බර්ගර් සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයන් ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත්කරගැනීමට පෙළගැසී සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසයි.
“අනුර කුමාර දිසනායක මහත්තයා ජයග්‍රහණය කරලා ඉවරයි කියලා සමහරුන් කියනවනේ. ගිය පාර ජනාධිපතිවරණයේද ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තරුණ කොටස්වලට ලොකු බලාපොරොත්තු දීලා කැළණි විහාරයේ නාගයෙකු පෙන්නලා ආගම මුල්කර ගෙන 69 ලක්ෂයක් ඡන්දේ ගත්තා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට රැල්ලක් නැති වෙලාවේ 55 ලක්ෂයක් ඡන්දය දුන්නා.
අනුර කුමාර දිසානායක ඒ වෙලාවේ ගෝල් ෆේස් එක පිරෙව්වානේ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. විජේවීර මේ පක්ෂය ආරම්භ කළේ හැට ගණන්වල. අවුරැදු 50 ක් පරණ පක්ෂයක් අද තරුණයෝ හිතන් ඉන්නේ මේක අලුත් එකක් කියලා. මේ හැම ආණ්ඩුවක් හදන්න ජනතා විමුක්ති පෙරමුණ හවුල් වෙලා තියෙනවා.
මේගොල්ලෝ නිර්දෝෂී අලුත් පක්ෂයක් හැටියට මාලිමාව ඉස්සරහට දාගෙන ආවට අවුරැදු 50 වට වැඩිය පැරණි පක්ෂයක්. මහින්ද රාජපක්ෂටත්, චන්ද්‍රිකා කුමාරතුංගටත්, මෛත්‍රිපාල සිරිසේනටත්, රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩු හදන්න මේ අය විශාල වශයෙන් උදව් කරලා තියෙනවා.”
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (03) සමඟි ජන සන්ධානයේ පැවති මාධ්‍ය හමුවේදීය.