සජිත් ප්‍රේමදාස බලයට එන්නේ සියලු ම ආහාර, ඖෂධ සහ ඉන්ධන සඳහා පනවා ඇති සහගහන බදු අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
මේ වන විට රතු මල්ලිලා මන්ත්‍රී විශ්‍රාම වැටුප, මන්ත්‍රී වාහන බලපත්‍ර සහ මන්ත්‍රී නිල නිවාස එපා යැයි ප්‍රකාශ කරමින් ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.
මෙම කණ්ඩායම අවුරුදු 24කට පෙරත් එය ම ප්‍රකාශ කළ අතර අනතුරුව ඔවුන්ගේ මන්ත්‍රීවරුන් එම වරප්‍රසාද කිසිවක් අඩු නැතිව භුක්ති වින්ද බව ද පාඨලී චම්පික ප්‍රකාශ කරයි.
අද (14) රත්නපුර ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.