සජිත්ට වඩා අනුර දැන් අකර්ශනීයයි…! ජනාධිපතිවරණෙට මං ආවොත් දිනලා රටත් හදනවා..! – ෆොන්සේකා…

October 3, 2023 at 6:37 pm | by emanisa.lk

මේ වන විට හිටපු හමුදා නිලධාරීන් මෙන් ම පාවෙන ඡන්ද ද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට ආකර්ශනය වෙමින් ඇතැයි සජබ සභාපති සරත් ෆොන්සේකා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එම කණ්ඩායම් සජබ නායක, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට වඩා මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක විශ්වාස කරන බවයි.

තමන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවහොත් හමුදාවේ සියලු දෙනා තමන් වටා ඒකරාශී වනු ඇතැයි තමන්ට විශ්වාස බව ද සරත් ෆොන්සේකා පවසයි.

2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවලින් පසු තමන් ඡන්දය සඳහා ඉදිරිපත් නොවන බවත් නියම ලෙස අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට රට හදන බවත් සරත් ෆොන්සේකා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *