සජිත්ටයි අනුරටයි බදු අඩු කරන්න සැලසුමක් නෑ…!

February 10, 2023 at 9:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවල දී සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් වත්මන් බදු ප්‍රතිපත්තිය වෙනුවට විකල්පයක් ඉදිරිපත් නොකළ බව එහි උප සභාපති දුමින්ද හුලංගමුව පවසයි.

“වාණිජ මණ්ඩලය පසුගිය මාස 8 ඇතුළත තිබුණු සාකච්ඡා මගේ අවුරුදු 20ක කාලය තුළවත් වාණිජ මණ්ඩලයේ තිබිලා නැහැ. වැඩියෙන්ම සාකච්ඡා කරලා තියෙන්නේ ජාතික ජනබලවේගයයි, සමගි ජනබලවේගයයි එක්ක.

මට පේන්නේ ඒ කතා කරන කාගෙවත් අභ්‍යන්තරයේ වෙනසක් නැහැ. ඒ සියලු දෙනාම කියන්නේ මේකට තියෙන්නේ එක මාර්ගයයි කියලා. ඒ මාර්ගය මේ දැන් අපි යන මාර්ගය. paye tax අඩු කරනවා නම් ඒ අඩුව පුරවන විදිහක් තිබිය යුතුයි. එහෙම නම් vat බද්ද 20%ක් කළ යුතුයි.

මොකද අපි ඒ අයගෙන් අහපුවාමත්… මොකක්ද වෙන මාර්ගය කියලා…මට ඒ අයගෙන් සතුටුදායක ආරංචියක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ මේක තමයි තියෙන මාර්ගය…කියලයි මට පේන්නේ. නැත්තම් ඒ අය කියන්න ඕනේ මොකක්ද මාර්ගය කියලා.”

ඊයේ දෙරණ වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *