සජිත්ගේ සමානාත්මතා කතාවට කලින් මයික් එකට දුම් ගහනවා…! – දීප්ති කුමාර ගුණරත්න…

June 22, 2023 at 8:45 am | by emanisa.lk

තමා ද එකතු වූ සමගි ජන බලවේග ජන හමුවක දී සජිත් ප්‍රේමදාස සමානාත්මතාව සහ පොදු බව පිළිබඳ කතා කළේ යැයි සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න පවසයි.

එහෙත් පෙර කථිකයාගේ කතාව අවසන් වූ වහා වේදිකාවට දිව ආ තරුණයෙකු පෝඩියම් එකට දුම් අල්ලා මයික් එකට රෙදි පෙර පෙරණයක් ද සවි කළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

සජිත් ප්‍රේමදාස සභාව ඇමතුවේ ඊට පසු බවත් තමා සෙසු අය අතර අසාමාන්‍ය පුද්ගලයෙකු බව මෙම ක්‍රීයාවෙන් තහවුරු කොට අවසන් බව සජිත් ප්‍රේමදාස ද නොදන්නා බව දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කරයි.

හර්ෂ ද සිල්වා එරාන් වික්‍රමරත්න මේ සියල්ල නොදැක්කා සේ සිටින බවත් පක්ෂයේ සමානාත්මතාව කොහිදැයි ප්‍රශ්න නොකරන බවත් ඔහු සඳහන් කරයි.

පක්ෂයේ අවසාන තීන්දු ගන්නේ ජලනි ප්‍රේමාදස වන අතර සෙසු පිරිස එය නොදන්නා සේ නිහඬව සිටින බව ද දීප්ති කුමාර ගුණරත්න වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *