විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් බදුරලිය කඹුරාවල ප්‍රදේශයේ දි අද පැවැති සමගි ජන බලවේග රැළියක් සඳහා සහභාගීවීමට පෙළපාලියක ගමන් කරමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් මහමග ඇද වැටී මිය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි
මෙසේ මරණයට පත්ව ඇත්තේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් බවද, බදුරලිය බෝගහ හන්දියේ සිට රැළිය පැවැත්වෙන ස්ථානයට පැමිණීමට සංවිධානය කර තිබුණු පෙළපාලියක මෙම කාන්තාව ගමන් කරමින් සිටියදී කඹුරාවල පාසල ඉදිරිපිට මහමග ඇද වැටී ඇත.
ගිලන් රථයක් කැඳවා එම කාන්තාව බදුරලිය රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙම වයෝවෘද්ධ කාන්තාව යම් අසනීප තත්ත්වයක් සදහා ප්‍රථිකාර ගනිමින් සිට ඇතැයිද ඒ සම්බන්ධ, වෛද්‍ය නිර්දේශ සහිත ලිපි ලේඛන ද ඇය සතුව තිබී ඇතැයි ද වාර්තා වෙයි.