සජබ ෆේස්බුක් පිටුවෙන් මුජිබර් රහුමාන් ජාතිවාදය වපුරනවා….! – පොලිසියට පැමිණිල්ලක්…

May 18, 2021 at 7:19 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් සිය පක්‍ෂයේ නිල ෆේස්බුක් පිටුව හරහා ජාතිවාදී අදහස් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වහා ම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂය මගින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සංචරණ නීති පනවා රාමසාන් උත්සවය සැමරීම වැළැක්වීමට රජය කටයුතු කර ඇති බවට මුජිබර් රහුමාන් විසින් පසුගිය 13 දා අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවට එරෙහිව පියවර ගන්නා ලෙස ද එම පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

සිංහල, බෞද්ධ ආණ්ඩුව විසින් මුස්ලිම් ජනතාවගේ ආගමික සහ සංස්කෘතික නිදහස පාගා දැමීමට කටයුතු කරන බවත්, එයට විරුද්ධව පෙළගැසෙන ලෙසත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්ගේ අදහස් අතිශයින් ජාතිවාදී ප‍්‍රකාශ වන නිසා ඔහුට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටින බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්‍ෂයේ නායක, සුගත් හේවාපතිරණ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *