රාමසාන් උත්සවේ කලින් තිබ්බා නම් රට බේරගන්න තිබුණා…! – මුජිබර් රහුමාන්…

May 14, 2021 at 8:32 am | by emanisa.lk

සිංහල අවුරුද්දට පෙර රාමසාන් උත්සවය පැමිණියේ නම් ආණ්ඩුව මෙයට පෙර රට වසා දමා සංචරණ සීමා පනවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සිංහල අවුරුදු සමයේ පළාත් අතර සංචරණ සීමා හෝ පනවන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට කන් නොදුන් බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

එහි ප්‍රතිඵලය ලෙස දෛනික කොවිඩ් ආසාදිතයින් 2000 ඉක්මවා ගොස් ඇති බව ඔහු සඳහන් කරයි.

වෛද්‍ය විශේෂඥයින් පැවසූ ආකාරයට කටයුතු කළේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් මතු නොවන බව ද රහුමාන් පවසයි.

ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥ මතය අනුව නොව වර්ගවාදය, ආගම්වාදය අනුව බවත් මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නේ මුස්ලිම් ජනතාවට එරෙහිව වර්ගවාදී චේතනාවෙන් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

ඊයේ (13) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *