කොවිඩ් අවසන් වන තුරු ආණ්ඩුව රටේ සංවර්ධන කටයුතු නතර කළ යුතුයි…! – මුජිබර් රහුමාන්….

May 17, 2021 at 11:34 am | by emanisa.lk

අධිවේගී මාර්ග තනා ශරීර සුවතා මධ්‍යස්ථාන ඉදිකර කොවිඩ් වසංගතයෙන් ගැළවිය නොහැකි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

රටේ අනෙකුත් සියලු කටයුතු නතර කර කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව දිය යුතු බවත් ලොව සියලු ම රටවල් සිදුකරන්නේ එය බවත් මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි.

මේ වන විට දිනකට ආසාදිතයින් 2500ක් පමණ හමු වන බවත් දෛනික මරණ ප්‍රමාණය 25 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවේ වගකීම කොරෝනා සමඟ ජීවත් වන ආකාරය ජනතාවට කියාදීම නොව කොරෝනා නොමැති රටක් හැදීම බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *