සජබ යළි දෙදරයි…! රාජිතත් ආණ්ඩුවට…!

October 28, 2022 at 8:47 am | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට සූදානම් වන බව දෙමළ පුවත්පතක් හෙළි කරයි.

යාපනේ ප්‍රකාශයට පත්වන අදාළ පුවත්පත හෙළි කරන්නේ නුදුරේ දී ම රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු වනු ඇති බවයි.

මෙයට පෙර එජාපය නියෝජනය කළ රාජිත සේනාරත්න අනතුරුව සමග ජන බලවේගය සමග එකතු විය.

සජබ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඩයනා ගමගේ, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ද මෙයට පෙර ආණ්ඩුවට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *