සජබ බලකණු 04කට ආණ්ඩුව අත වනයි..!

April 16, 2024 at 6:56 pm | by emanisa.lk

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපතිවරයා සමග එක්වන ලෙස සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්නට ආරාධනා කරන බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දැන් සමගි ජන බලවේගයේ නැතැයි කී මහ ලේකම්වරයා සජබෙ දැන් බදු ගෙන සිටින ගොඩහේවලාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? නැතිනම් එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවාද? කියා තීරණය කරන්නැයි ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *