සජබ ප්‍රබලයා ජනපති රනිල්ගේ වේදිකාවට…!

February 6, 2024 at 6:51 pm | by emanisa.lk

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු පක්ෂ වේදිකාවක දක්නට ලැබිණි.

ඒ උරුමය ඔප්පු ප්‍රදානය වෙනුවෙන් දඹුල්ලේ පැවැති උත්සව අවස්ථාවක දී ය.

ප්‍රධන විපක්ෂය වන සජබ ජ්‍යේෂ්ඨයෙකු වන ගයන්ත කරුණාතිලක මෙලෙස ආණ්ඩු පක්ෂ වේදිකාවට ගොඩවීම බොහෝ පාර්ශ්වල කුතුහලයට හේතු වී තිබේ.

අභිනව පාර්ලිමේන්තු වාරය ආරම්භයේ ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාවෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ආණ්ඩුවට එකතු වීමේ සූදානමක් ඇතැයි වාර්තා වන පසුබිමක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *