ජනපතිට සහ ආණ්ඩුවට සහාය දැක්වීමට සිදුවෙනවා…! – සජබ ජාතික සංවිධායක…

August 21, 2023 at 8:22 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ රජයට සහය දැක්වීම නුදුරේ දී ම පක්ෂයක් ලෙස සිදු වනු ඇති බව සමගි බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කරයි.

එහෙත් එය කෙටි කාලයකට පමණක් දක්වන සහයක් පමණක් වනු ඇති බව ද හෙතෙම පැවසීය.

මේ වන විට සමගි ජනබලවේග ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකතු විය යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන පසුබිමක පක්ෂ ජාතික සංවිධායකවරයා මෙම ප්‍රකාශය නිකුත් කිරීම විශේෂත්වයකි.

තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *