එජාප සජබ දීගෙකට සාකච්ඡා…! දෙපැත්තෙන් ම කොළ එළි..!

December 4, 2023 at 9:12 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්කිරීමේ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙහි මුලිකත්වය ගෙන ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙන් ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ද සමීපතමයෙකු වන මලික් සමරවික්‍රම ය. ඔහු එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

මෙම ක්‍රියාදාමය සඳහා සමගි ජනබලවේගයේ සැලකිය යුතු පිරිසකගේ කැමැත්ත පළ වී ඇතත් විපක්ෂ නායකවරයා මෙතෙක් සිය අවසන් එකඟතාව පළ කර නොමැති බව ද වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *