ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ නියෝග අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට විමධ්‍යගත යෝජනා මගින් සංවර්ධන කටයුතුවලට රුපියල් කෝටි 32කට අධික මුදලක් වෙන්කර තිබේ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනා සඳහා රුපියල් 50,200,000ක් ද ඒ.එච්.එම්. ෆවුසි විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති සඳහා රුපියල් 81,677,376.94ක් ද ඉෂාක් රහුමාන් ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති 708ක් සඳහා රුපියල් 100,000,000ක් ද, අජිත් මාන්නපෙරුම ඉදිරිපත් කළ ව්‍යාපෘති සඳහා රුපියල් 49,986,250ක් ද දොස්තර කාවින්ද ජයවර්ධනගේ ව්‍යාපෘති සඳහා රුපියල් 69,000,000ක් ද ගයන්ත කරුණාතිලකගේ ව්‍යාපෘති සඳහා රුපියල් 51,000,000ක මුදලක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිදහස් කරනු ලැබ තිබේ.