සජබ පළුවක් ගැලවෙයි…! හරීන් මනූෂ ආණ්ඩුවට…!

May 18, 2022 at 4:30 pm | by emanisa.lk

ආණ්ඩුවට සම්බන්ධ වීමට සපුරාලිය යුතු කොන්දේසි ඇතුළත් ලිපියක් සමගි ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර අගමැති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර තිබේ.

ඊයේ යොමු කළ එම ලිපියට අගමැකිවරයා අද (18) පිළිතුරු යොමු කර තිබේ.

එම ලිපිය මගින් හරීන් සහ මනූෂ යොමු නළ ගැටලු සඳහා පවතින දේශපාලන පසුබිම තුළ ලබා දිය හැකි වඩාත් ප්‍රායෝගික සුබවාදී පිළිතුරු ලබා දීමට අගමැතිවරයා කටයුතු කර ඇති බව දේශපාලන විශ්ලේඹකයින්ගේ අදහසයි.

මේ අනුව එම මන්ත්‍රීවරුන් සජබ තව මන්ත්‍රී පිරිසක් සමග නුදුරේ දී ම ආණ්ඩුවට එකතු වනු ඇති බව දේශපාලන පක්ෂ ආරංචි මාර්ග පවසයි.

හරීන් ප්‍රනාන්දු පසුගියදා රූපවාහිනී දේශපාලන සාකච්ඡාවට එකතු වෙමින් ද මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *