හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ අද (16) ජනහමුවක් පැවැත්වෙමින් තිබිය දී එම නගරයේ මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටි සමගි ජන බලවේග ආධාරකරුවන් පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් ආඥා පනත අනුව නීති විරෝධි ලෙස පවත්වන මෙම විරෝධතාව නවතා දමා විසිරී යන ලෙස ජනතාවට සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පැවැසීමත් සමග විරෝධතාකරුවන් හා පොලීසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
එම අවස්ථාවේ නාවලපිටිය පොලීසිය සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු 15 දෙනකුගෙන් යුත් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.