සජබ ජාජබ එකතු වන කතා බොරු…! – සජබ මහ ලේකම්…

February 19, 2023 at 4:40 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය සමග ඒකාබද්ධ වී විරෝධතා මාලාවක් සිදු කිරීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

සජබ මහ ලේකම්වරයා ජාතික ජන බලවෙග නායක අනුර දිසානායක සමග පැවැති දුරකතන සංවාදකට පසු අදාළ තීන්දුව ගෙන ඇතැයි ද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබිණි.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අදාළ තීණ්දුව ගෙන ඇති බවයි, මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වුව ද රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ එවැනි කිසිදු සාකච්ඡාවක් නොපැවැති බවත් දෙපාර්ශ්වය එකතු වීමට කිසිදු තීන්දුවක් නොගත් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *