සජබ කොටස් පහකට පුපුරයි…! සජිත්ට ඒකාධිපති චෝදනා….! 10ක් යළි රනිල් ළඟට ම…! පාඨලී 43 කඩු මදියි…!

October 2, 2021 at 7:52 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවල දී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම ඊට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

පක්ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු නොවිමසා කටයුතු කිරීම ද තවත් ගැටලුවක් වන අතර ඒ බව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළ ද තනි තීරණ ගැනීම වෙනස් වී නොමැති බවට ද චෝදනා එල්ල වේ.

ඊට එරෙහිව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි දැඩි විවේචනයක් එල්ල කළ අතර ඇතැම් මන්ත්‍රිවරු පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බදුල්ල නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, රවින්ද්‍ර සමරවීර හා රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ගැන තලතා අතුකෝරාල හා හේෂා විතානගේ අතර ද මත ගැටුමක් පවතින බව ද සඳහන් වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ සංවිධායක ධුරය පිළිබඳව ද තලතා අතුකෝරාල හා හේෂා විතානගේ මන්ත්‍රිවරුන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක 43 සේනාංකය සමග දේශපාලන කටයුතුවල නිරත වන අතර ඔහු සමග ද මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කටයුතු කිරීම තවත් ගැටලුවක් වී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග සමීපව කටයුතු කරන අතර එම සංඛ්‍යාව දහයකට අධිකය.

සමගි ජන බලවේගයේ සාමාජික මුස්ලිම්, දෙමළ පක්ෂවල නායකයන් ද සිය පක්ෂවල දේශපාලන කටයුතුවල වෙන වෙනම නිරතව සිටීම ද විශේෂත්වයකි.

aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස