සජබ ආණ්ඩුවක් හදල ජනතාව දුක් ගින්නෙන් මුදා ගන්නවා…! – ෆොන්සේකා…

January 25, 2022 at 9:35 am | by emanisa.lk

අද ඇතැමුන් උනුත් එකයි – මුනුත් එකයි යනුවෙන් පවසන බවත්, තමන් ද ඒ කතාව පිළිගන්නා නමුත්, සමඟි ජන බලවේගය යනු නවතම පක්ෂයක් බැවින් ඒ පක්ෂය තුළ රට සූරාගෙන කෑ කිසිවකුත් නොමැති බවත් සමඟි ජන බලවේගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

“වත්මන් රජය මහජනතාව ගැන ඇස් ඇරල බලන පාටක් පෙනෙන්න නැහැ. කුස්සිය තුළ ගෑස් ටැංකි පිපිරෙනවා. මිනිස්සු කී දෙනෙක් මේ අනතුරුවලින් මියගොස් තිබෙනවාද. මේවාට වගකිවයුතු අයට දඬුවමක් දෙන්න රජය මේ වන තෙක් කිසිම දෙයක් කරල නැහැ.

රට පුරා කිරිපිටි, සිමෙන්ති, භූමිතෙල් යනාදිය මිල දී ගන්න පොලිම්වල රස්තියාදු වෙන්න ජනතාවට සිදු වෙලා. වගා කරන්න පොහොර නැහැ. අත්‍යවශ්‍ය හැම දෙයක්ම ගිනි ගණන්. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. රජය මේ ගැන කිසිම තැකීමක් නොකර ඇස් කන් පියාගෙන ඉන්නවා.

මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්ද? මේ රටේ ජනතාව දැන් බලාගෙන ඉන්නේ මහා මැතිවරණයක් එනකල් විතරයි. එදාට අපේ පක්ෂයේ රජයක් පිහිටුවා මහ ජනතාව මේ දුක් ගින්දරෙන් මුදවා ගන්නවා.”

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අකුරළ ‘සෙත්සෙවනේ’ දී පැවැත්වූ පාක්ෂිකයන් දැනුම්වත් කිරීමේ රැස්වීමකදීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස