ජනතාවට අත්‍යවශ්‍ය මහජන සේවාවන් සපයන ක්ෂේත්‍ර ගණනාවකට ඉන්ධන සැපයුම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඒ ඒ ආයතනවලටම පැවරීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සපයා ගැනීම දැනටමත් එම මණ්ඩලයට පවරා තිබේ. අනතුරුව බස් හා දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවාවන්ට අවශ්‍ය ඉන්ධන සැපයුම ප්‍රවාහන අමාත්‍යංශයට පැවරීමට මේ සතියේ රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. ඒ ගැන පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදීද සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.
මේ අතර ඉන්ධන සපයා ගැනීම සඳහා ඉන්දීය රජය දැනටමත් අනුමත කර ඇති ඩොලර් මිලියන 500ට අමතරව ඉදිරියේදී තවත් මාස 6ක කාලයක් සඳහා ඉන්දියාවෙන් චක්‍රීය ණය ක්‍රමයකට ඉන්ධන සපයා ගැනීම පිණිස වෙනම සාකච්ඡාවක් රජය විසින් ආරම්භ කර ඇති අතර එය ඉතාමත් සාර්ථක බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.