ජනතාව නිරෝධායන නීති රකින්නේ නෑ…! 07 වන දා තෙක් සංචරණ සීමා ලිහිල් කිරීමක් නෑ….! – හමුදාපති

May 25, 2021 at 10:32 pm | by emanisa.lk

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේ දී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය පිළිබඳ සතුටු විය නොහැකි බව කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එහෙයින් ඉදිරියේ දී වෙළඳසැල් විවෘත කිරීම වෙනුවට වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදුවන බව ද හමුදාපතිවරයා අනාවරණය කරයි.

ජනතාවගේ සංචරණ අවම කිරීමේ පියවරක් ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙළකට ඉදිරියේ දී යොමු වීමට සිදු වනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්න වෙළෙඳසැලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් අවභාවිත කළ ආකාරයක් පෙනෙන්නට තිබූ බව ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.

මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලයට අහිතකර බලපෑම් ඇති කරනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනතාවගේ මෙවැනි නරක හැසිරීම් නිසා කොවිඩ් පැතිරීම වේගවත් විය හැකි යැයිද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *