ෂරියා නීතිය ඕන නම් අරාබියට යනු…! ලංකාවේ ඉන්නවා නම් මේ රටේ නීතිය අනුව වැඩ කරනු….! – සරත් වීරසේකර අසාද් සාලිට කියයි…

March 14, 2021 at 7:59 am | by emanisa.lk

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පසුගිය මාර්තු 09 වැනිදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

“අසාද් සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. එයා කරපු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වන ප්‍රකාශයක්.

ෂරියා නීතිය අනුව එයා ක්‍රියාකරනවා නම්, එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවේ ඉන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ.

එයාව අත්අඩංගුවට අරගෙන එයාගෙන් ඒ කරුණු විමසලා නීති ප්‍රකාර කටයුතු අපි කරනවා. මම පුද්ගලිකව CIDයට දැනුම්දීලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළ දී එයාව ගෙන්නලා ප්‍රශ්න කරලා, රටේ නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා.”

ජාතික සමගි පෙරමුණේ නායක ආසාද් සාලි පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *