ෂම්මිලාගේ පාලක මණ්ඩලයේ පන්නයි…! ක්‍රිකට් ගොඩගන්න අර්ජුන ප්‍රමුඛ අතුරු කමිටුවක්..!

November 6, 2023 at 11:12 am | by emanisa.lk

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ කටයුතු කර තිබේ.

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග විසින් දරන අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් අනෙකුත් සාමාජිකයන්ය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *