ශිෂ්‍යත්ව වාර්තා තැබූ බහුතරයක් ගම්වලින්! මුස්ලිම් සිසුවා ලීවෙත් සිංහල මාධ්‍යයෙන්!

November 16, 2020 at 8:17 pm | by emanisa.lk

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සිසු සිසුවියන් 10 දෙනෙකු උපරිම ලකුණු 200/200ම ලබා ගැනීමට සමත්ව තිබේ.

මෙවැනි ප්‍රතිඵලයක් වාර්තා වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ය. මෙහි දී සිසුන් 06 දෙනෙකු සහ සිසුවියන් 04 දෙනෙකු එම ලකුණු ප්‍රමාණය වාර්තා කර ඇත.

සිසුවියන්
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සියති විතුම්සා කරුණාතිලක
ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලයේ දෙව්ලි යසස්මි තිලකරත්න
ඇහැළියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සෙනුදි දම්සරා
මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ යෙහාරා යෙත්මිණි ඈපා
සිසුන්
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ දොවිදු චිරන්දිත්
මරදාන සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ්
පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලයේ තෙනුජ මනුමිත
තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තසිඳු කවිෂාන්
බණ්ඩාරගම ජාතික පාසලේ හිනුධ සස්මිත ගුණතිලක
නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මාහ විද්‍යාලයේ අකුරැස්ස හේවගේ සිහත් සන්ධිනු

සහිරා විද්‍යාලයේ ෆර්සාන් මොහොමඩ් සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට මෙම ජයග්‍රහණය ලබා ගැනීම ද විශේෂත්වයකි. මෙම ජයග්‍රහණය වාර්තා කළ බහුතරයක් සිසුන් ගම්බද පාසල්වල අධ්‍යාපනය ලැබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස