කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් රජය එකඟ වන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරයි.
කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දු සහ සංශෝධන සම්බන්ධයෙන් රජයේ මතය ප්‍රකාශයට පත්කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
තව ද අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සරළ බහුතරයකින් සම්මත කර ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට අද (18) සඳහන් කර තිබුණි.
ඒ අනුව රජයේ සැලසුම වී ඇත්තේ 2/3 බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති සරල බහුතරයකින් සම්මත කරගත හැකි ආකාරයට සංශෝධනය කිරීම වීමට බෙහෙවින් ඉඩ තිබේ.