ශ්‍රීලනිප නායකත්වයෙන් පක්ෂ 30ක දැවැන්ත සන්ධානයක්….! අද ඩාලි පාරේ කඳවුරු බඳී…!

November 11, 2021 at 11:27 am | by emanisa.lk

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීමට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (11) පෙරවරුවේ මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

පෙරවරු 10ට නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අදාළ සාකච්ඡාව පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *