ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම්….! අප වටා රොක්වන්න…! – මෛත්‍රීගෙන් ජනතාවට ඇරයුම්…

March 30, 2021 at 10:04 pm | by emanisa.lk

පසුගිය ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 13ක් ජයග්‍රහණය කළ බව හිටපු ජනාධිපති ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පිරිස ජයග්‍රහණය කළේ නොයෙක් නින්දා අපහාස බාධා කිරීම් මැද බවත් එය ලෙහෙසි පහසු ජයක් නොවන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

අනාගතයේ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැඟීම තම අරමුණ බවත් ඒ සඳහා මේ වන විට සංවිධාන කටයුතු සිදුකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

ජනතාවට සිය පක්ෂය වටා ඒකරාශී වන ලෙස ද මෛත්‍රීපාල සිරිසේන ආරාධනා කළේ ය. වර්තමාන ආණ්ඩුවට සිය පූර්ණ සහාය ලබා දෙන බව ද ඔහු අවධාරණය කළේ ය.

අද (30) මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *