වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ඇති 2/3 බලය කේවල් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කිරීමේ සූදානමක ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සිටින අතර නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ ව්‍යවස්ථා සංශෝධනයකට අවශ්‍ය වන 2/3 බලය ලබාගැනීමට ශ්‍රීලනිප එම මන්ත්‍රීවරුන් තීරණාත්මක වේ.
එවැනි තත්ත්වයක් තුළ ශ්‍රීලනිපය එම බලය දේශපාලන වශයෙන් කේවල් කිරීම සඳහා යොදා ගැනීමට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තම පක්‍ෂයේ යෝජනා සකස් කිරීම සඳහා කමිටුවක්ද පත් කර ඇත්තේ එහි පියවරක් ලෙස බව ද වාර්තා වෙයි.