ශ්‍රිලනිප රටේ බලය අල්ලන්න මුල් පියවර තබයි..! සමූපකාර ඡන්දයෙන් පොහොට්ටුව පරදවයි…!

November 29, 2021 at 10:29 am | by emanisa.lk

මිල්ලනිය සමුපකාර සංගමයට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත කණ්ඩායම ජයග්‍රහණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මධ්‍යම කාරක සභික හිටපු බස්නායක පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් අද (28)පස්වරුවේ පැවසීය.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමට සභාපති, උප සභාපති, ධූරයන් ද ඇතුළුව අධ්‍යක්ෂක මණ්ඩල දුර හතරක් ද ජයග්‍රහණය කර තිබේන බවත් කීහ.

මිල්ලනිය සමුපකාර සංගම් නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයේදී එම ප්‍රදේශය නියෝජනය කරන පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නියෝජිතයන් දෙපිරිසක් අතර ඇතිවූ තරගයකින් එම කණ්ඩායමට ජය ගත හැකි වී ඇත්තේ අධ්‍යක්ෂක දුර තුනක් පමණක් බව ශ්‍රීලනිප දිස්ත්‍රික් නායක සුමිත් ලාල් මෙන්ඩිස් වැඩිදුරටත් පැවසීය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස