ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක‍්‍රීඩා කරන අයුරු දුටු විට තමන්ට සිහි වන්නේ ඉන්දියාවේ වීදිවල ක්‍රිකට් ගහන තරුණයන් බව ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක සුනිල් ගවස්කාර් පවසයි.
වීදිවල ක්‍රිකට් ගසන්නන් ක්‍රීඩා කරන්නේ වගකීම් විරහිත බව පැවසූ ගවස්කාර්, මේ ආකාරයෙන් ක්‍රීඩා කළහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරඟාවලියේ එකදු තරඟයක් හෝ ජය ගත හැකිදැයි සැක සහිත බව ද කියා සිටියේය.
ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සජීවීව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සුනිල් ගවස්කාර් මෙසේ කියා සිටියේය.