ලොව මිත්‍රශීලීම ජනතාව සිටින රටවල් 10 අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. ලොව මිත්‍රශීලී රටවල් අතර 09 වෙනි ස්ථානය මෙලෙස අපේ රටට හිමිව ඇත.
2022 Readers’ Choice මගින් මෙම සමීක්ෂණය පවත්වා තිබේ.
ලොව කොතැනක සංචාරය කළත් සිය නිවස සේ පිළිගැනීමක් කිසිදු ස්ථානයක හමුනොවන්නේ යැයි පැවසුව ද ශ්‍රී ලංකාව වැනි රටවල දී එය සම්පූර්ණයෙන් සත්‍ය නොවන බව තහවුරු වන්නේ යැයි ඔවුහු පවසති.
ශ්‍රී ලංකාවේ බාල මහලු සියලු දෙනා ඉතා ම මිත්‍රශීලී බවත් සංචාරකයින්ට උදව් කිරීම සඳහා සැදී පැහැදී සිටින බවත් එහි වැඩිදුරටත් ප්‍රකාශ වෙයි.
මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන තුන පිළිවෙළින් ප්‍රංශ පොලිනීසීයාව, කොලොම්බියාව සහ නවසීලන්තය හිමිකර ගෙන ඇත.