ශ්‍රී ලංකාව අපෙන් ආධාර ඉල්ලා නෑ…! IMF කියයි…

February 5, 2022 at 5:45 am | by emanisa.lk

මූල්‍ය සහායක් ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා රජයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව එහි මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි හෙළි කරයි.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය සහය ලබාදීමට මූල්‍ය අරමුදල සූ දානමින් සිටින බවද විදෙස් පුවත් ආයතනයක් වෙත ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඒ පිළිබඳ ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා පසුගිය දෙසැම්බර් මාසයේ දී සිය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවයි, ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ නවතම ආර්ථික දත්ත සමාලෝචනය කිරීමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් මේ මස අවසානයේ දී පැවැත්වෙන බව ද මසහිරෝ නොසාකි පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *