ශ්‍රීලනීපය විනාශ වුණේ ගෝඨා ජනාධිපති කිරීම නිසයි…! – දයාසිරි…

December 5, 2022 at 12:15 pm | by emanisa.lk

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට උදව් කිරීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව වැරදි බව පක්ෂය පිළිගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රීලනිප සංවිධායකවරුන් 3/4ක් ගෝඨාභයට උදව් කිරීමට අකමැති වූ බවයි, ඔහු අනාවරණය කළේ. එහෙත් තමා ඇතුළු පිරිසකගේ ඉල්ලීම මත පක්ෂය ගත් එම තීන්දුව නිසා පක්ෂය විනාශ වූ බව ද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ සමග එකතු වී රනිල් වික්‍රමසිංහගේ දෙපා නැමද ඇමැති ධූර ලබා ගත් ශ්‍රීලනිප කණ්ඩායම පක්ෂය විනාශ කළ බවට ද ඔහු චෝදනා කළේය.

කෙසේ වුව ද තමා මහ ලේකම්වරයා ලෙස පත් වූ පසු බිම් මට්ටමේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ගත් ක්‍රීයා මාර්ග නිසා පක්ෂය බෙහෙවින් ජනප්‍රිය වී ඇති බව ද ඒ පිළිබඳ පිරිසක් ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන බව ද දයාසිරි ජයසේකර සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *