ශ්‍රීලනිප ප්‍රබලයා සබජයට…!

January 8, 2023 at 9:22 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගලවත්ත ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය රංජිත් සෝමවංශ ඊයේ (07) සමගි ජන බලවේගයට එක් වී තිබේ.

කලක් හෙතෙම බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යවරයා ලෙසද, අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

1993 දී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් පත්වූ රංජිත් සෝමවංශ, බස්නාහිර පළාත් සභාවේ සභානායක, නියෝජ්‍ය සභානායක ඇතුළු තනතුරු රැසක් දැරූ චරිතයකි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *