ශ්‍රීලන්කන් රජයට පවර ගත්තේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට..!

August 5, 2023 at 10:39 am | by emanisa.lk

එමිරේට්ස් සමාගම ඉවත්කර යලි ශ්‍රීලංකන් ගුවන් සේවය රජයට පවරා ගනු ලැබුවේ එවකට රටේ නායකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

“යුද්ධයක් පවතින මොහොතක ජාතික ගුවන් සේවයක අවශ්‍යතාවක් තිබුණා. ඒක අද දකින දේශපාලන තත්වයෙන් පැහැදිලි කරගන්න බැහැ.

යුද්ධයේ සමහර සංවේදී සිදුවීම් එක්ක ජාතික ගුවන් සේවයේ සමහර සම්බන්ධකම් තිබුණා. මේවා සියල්ල අනාවරණය කරගන්න යන්න ඕනේ නැහැ. අපිට එවැනි අවශ්‍යතා තිබුණා.

ඒ කාලේ ජනාධිපතිවරයා රට යනකොට කීදෙනෙක් යනවද කියලා අහනවනේ. මේ මුළු ලෝකෙම දරුණුම ත්‍රස්ත සංවිධානය ඒ කාලේ තිබුණා. ඒ නිසා ඒ ත්‍රස්ත සංවිධානයට මුහුණ දෙන රාජ්‍ය නායකයා ආරක්ෂකයෝ කී දෙනෙක් එක්ක යන්න ඕනෙද කියලා දැන් විග්‍රහ කරගන්න බැහැ.

එල්ටීටීයත් එක්ක සටනක කරන වෙලාවේ රටේ නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීරණයක් මතයි එමිරේට්ස් එක්ක ගැටුණේ. ඒ අනුවයි එමිරේට්ස් යලි රජයට පවරා ගත්තේ” යි සංජීව එදිරිමාන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරයා කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *