භික්ෂුවට ශ්‍රද්ධාවක් තිබිණි නම් සිවුර අතහැර නොදුවන බව මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි පවසයි.
උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා (23) පැවැති විරෝධතාව අතරතුර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සඳහන් කරමිනි.
“ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ.”
හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවැති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේ දී එහිමියන් මේ බව සඳහන් කළහ.