වොක්ස්වැගන් සමාගමට මම එන්න එපා කීවා…! කුලියාපිටියට වොක්ස්වැගන් නාවේ ඒකයි…! – රනිල්….

September 28, 2021 at 3:39 pm | by emanisa.lk

තමා වොක්ස්වැගන් සමාගමට ලංකාවට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බව හිටපු අගමැති, එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

කුලියාපිටියේ එම සමාගම වාහන නිෂ්පාදන කම්හලක් ආරම්භ නොකළේ ඒ නිසා බවත් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කරයි.

එම සමාගමේ වාහනවලින් අහිතකර දුම් පිටවීම පිළිබඳ රටවල් කිහිපයක නඩු වැටීම නිසා මෙම තීන්දුව ගත් බවත් ඔහු පවසයි.

කෙසේ වුව ද තමන් යහපාලන ආණ්ඩුව සමයේ ලංකාවට වාහන නිෂ්පාදන සමාගම් දෙකක් ගෙන ආ බව ද රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *