වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාවක් තැනීම සඳහා පවරා ගත් කුලියාපිටිය මහනුගලන්දවත්ත ඉඩමේ තිබූ මී, කුඹුක් සහ පොල් ඇතුළු වටිනා ගස් විශාල ප්‍රමාණයක් කපා ගෙන ගොස් ඇතැයි පරිසර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.
මේ ආකාරයට යහපාලන ආණ්ඩුව සමයේ ඉඩමේ තිබූ ගස් ටික කපා පටවා ගෙන ගිය ද ඉඩමේ වොක්ස්වැගන් කම්හලක් ඉදි නොවූ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
අද පරිසරය ගැන කිඹුල් කඳුලු හෙළන අය ආණ්ඩු බලය හොබවන විට කටයුතු කළේ එසේ බවත් මහා භාරකාර දෙපාර්තමේන්තුව සතුව පැවැති මෙම ඉඩම පෞද්ගලික ආයෝජකයෙකුට පවරා දීමේ දී බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බවත් එලෙස ඉඩම් ලබා දිය නොහැකි බවත් ඇමැති චන්ද්‍රසේන වැඩ දුරටත් පෙන්වා දෙයි.
මහා භාණ්ඩාගාරය සතුව පැවැති මෙම ඉඩම පවරා දීමත් සමඟ එහි පැවැති පොල් ගස් 3500ක් පමණ කපා විනාශ කළ බව එකල මාධ්‍ය වාර්තා කර තිබිණි.