වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට අද (31) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබිණි.
ඒ යූටියුබ් නාළිකාවක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීම සහ ශ්‍රී ලංකාවේ නිපදවීමට සූදානම් වන තෛරොක්සීන් ඖෂධය පිළිබඳ ඔහු සිදුකළ ප්‍රකාශ පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.
කොවිඩ් ආසාදනය වීම නිසා මතු වූ සංකූලතා නිසා ඒ සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තවත් දින 14ක කාලයක් ඉල්ලා ඇති බව ප්‍රකාශ කිරීමට ඔහුගේ නීතීඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෙනුවෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ සමගි ජන බලවේගයේ නීති උපදේශක, ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන ය.