වෛද්‍යවරු 477ක් බදු නිසා රට අතහැර ගිහිල්ලා…! – GMOA…

December 2, 2022 at 8:40 am | by emanisa.lk

වසරේ පළමු මාස 8ක කාලය තුළ දී වෛද්‍යවරුන් 477 දෙනකු රට අතහැර විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

“මේ බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැර යන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්, රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477ක් වෛද්‍යවරු රටින් ගිහින් තිබෙනවා.”

යෝජිත බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැර යෑමේ සීඝ්‍ර නැඹුරුව හමුවේ අර්බුද රැසක් ඉදිරියේ දී ඇතිවිය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *