වෛද්‍යවරුන් රට අතහැර යාම බුද්ධිය පළවා හැරීමක්…! – GMOA…

September 28, 2023 at 6:27 pm | by emanisa.lk

වර්තමානයේ පවතින්නේ බුද්ධිගලනයක් නොව බුද්ධිය පලවාහැරීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේ ම පසුගිය වසර එකහමාරක කාලය තුළ වෛද්‍යවරුන් 1,500කට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ඒ නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමේ අවදානමක පවතින බව සඳහන් කළ වෛද්‍යවරයා, කියා සිටියේ ඊට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

පවතින ගැටලුව මේ වන විට අර්බුදයක් දක්වා වැඩි වී ඇති බවත්, එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම නවතා දැමීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍ය චමිල් විජේසිංහ වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *