වෙළෙඳපොළට ඇෆ්ලටොක්සීන් ඇතුළත් පොල්තෙල් නිකුත් වී නොමැති බව රජය පවසයි.
පසුගියදා අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් සාම්පල් 109හි ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොමැති බව තහවුරු වූ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කරයි.
ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකාකාරක අඩංගු පොල්තෙල් වෙළඳපොළට නිකුත් වී බව විපක්ෂය පසුගය සමයේ දිගින් දිගට ම චෝදනා කළේ ය
ඒ අනුව කිසිදු බියක් සැකක් නොමැතිව මේ උත්සව සමයේ පොල්තෙල් පරිභෝජනය කළ හැකි වාතාවරණයක් උදා වී තිබේ.